lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu evill d zayge – nihada yame (sinhala

Loading...

සතුට දැනුන තැන නැවතුනා අපි
දුකට මිහිරක් අරං ආවේ සිතුවිලි
පරන මතක හිත යට ගුලි කරන්
ගමන සරලයි අවසානෙ සැනසිමක් ඇති

හැරදා ආවේ මං යදම් බිඳ අඟුලු
තවමත් අහන්නෙම හිත ඇයි උබ නපුරු
අවනත නෑ මං සැප නින්දක වැටුනු
නිහඬ බව සවනට මුමුනැව්වේ සින්දු⁣

ලැබුනට කෙටි කාලෙකින් පොරොන්දු
ඒවා කඩවුනු තැන රිදවීමි නමි සොඳුරු
රෑ අදුරටයි කැමතිම වැහිබර ලකුණු
අහස දිහා බලන් හිනාවුනා පිස කඳුලු
ඉගැන්නුවා අඩුපාඩු
හොඳම කෙනා නොවුනත් හරිම කෙනා එනවාලු
දවසක ඒ හැමදේ අපි දාලා යනවාලු
ලෝකෙට නොකි රහසක් හිතේ හිර කරන් තිබුනාලු

2nd rap :
අරමුණු එමටයි ජිවිතේ ලඟා වෙලා නැති
මෙික දුෂ්කරයි උපරිම හීනත් එක්ක බැඳී
පදවන්නෙ කුණාටු මැද මං නැවියෙකි තනි
අතහැරියේ නැ අවසන් තත්පරයත් මට වටී

අතරමං වුනා මං එක තැනක
හෑගිමි ලග අසරන වෙන වාර නන්ත
රවාන කලු චරිත හොරැහින් වගේ බලාගෙන
විඩාව ආයෙත් කියා දුන්නෙ මුල් පාඩම

සරලයි දැක්ක මං හැමදේම වාගේ
නොවෙනස් වෙන අය උඩු සුලඟ රැලි වාගේ
ඉතිරි කව්ද මං හැර මට ඉන්නෙ ආයේ
ඇහෙන්නෙ නිතරම ඔන සංගීත නාදේ

සුන්දර දවසක් හීන එක්ක මං
වැරදීමි ඇති කවිරුත් නෙවෙයි බෝසත්
ප්‍රමාද පසුතැවිමට හේතුට නම්
මේ තරඟය වැටි වැටි හරි දුවන් යන්
hook :
නිහඬ යාමේ ඇවිදන් ආ ඒ ගමනේ
මතකයන් මා හිත ඇතුලේ
(මේ ජිවිතේ නතර වුන තැන් පුදුමයි)
දැනුන හැඟුමේ රැඳුනේ නැ ඒවාගේ
පාලුවයි ආසමදේ ~
මගෙම ලොවක මං තනි වේ

නිහඬ යාමේ ඇවිදන් ආ ඒ ගමනේ
මතකයන් මා හිත ඇතුලේ
(මේ ජිවිතේට හමුවුන අය පුදුමයි)
දැනුන හැඟුමේ රැඳුනේ නැ ඒවාගේ
පාලුවයි ආසමදේ ~ මගෙම ලොවක මං තනි වේ


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...