lirik lagu smokio - yeheli
[chorus]
හිතුවක්කාර අවිහිංසකාවී
ඉරි තැලුනු දෑසින් මදෙස බලාවී
සිනාවී ඉඩෝරය ඈතට පාවී
වැහිවලාවන් ඇයට අතවනාවී
නිර්දෝශී වැරදිකාරී මා
යෙහෙළි පඹ ගාලක පැටලිලා ඉන්න
ඇයව ගිනි සෑයක ඇවිලිලා
ගියා දැන් ඕන සුරයහනක සැතපිලා ඉන්නයි
[verse 1]
තෝරගත්තේ ඇය වැරදිපාරක්
ඒත් තීරනයක් ඇය වැරදිලා ගත්
කාට කාටත් වැරැද්දක් කලේ නෑ ඇය වැරදිලාවත්
වැරදිලොව ඈ මත තබයි වැරදි දාහක් බියෙන්
හකුලුවාගෙන ඇය පියා පත්
හීන මවන්නෙ දුර ඈතට පියාඹන්නයි
හැකිළුනු අත්තටු නැවත විහිදාලන්නයි
පැටලී ගිය යතාර්ථයේ ගැට ලිහා ගන්නයි
සමාජය මුහුදක් ඇය නැව ගිලාබත් වූ
සතාකියයි ඈට කීවා සත්තු
සමාජයෙන් ඈට නෑ කියන්න තැන තියාගත්තු
ශුද්දවන්තින් ගැන කීවා නම්
උන්ගෙ වැරදි ගාව ඈ නිවැරදි තාමත්
හරි වැරැද්ද තෝරමින් ඇවි ඇත විඩාවන්
නැත රැවටිලා නමුත් නෑ වැලපිලා නම්
ඈ ජීවිතේ අල්ලන් ඉද්දි වැරදියි තාමත්
කෙල්ලෙක් වරක් දෙවරක් ජීවිතෙන් පැරදිලා යද්දි නැගෙනවාද හිතේ කැත හිනාවක්
ඇය දිහාවත් තවත් දෑස විහිදා බලද්දි ඇය ඔබේ නැගණියක් නම් ඇයටත් වැරදිලානම්
[pre~chorus]
සිනාහා ඈ වෑයම් දරයි සගවලා තබන්න වේදනා
දාහක් හීන දරා යෙහෙළි මා පාමින් සිනා
ඈ වෑයම් දරයි හදවතේ සගවලා තබන්න වේදනා
හීන මාලිගාවන් මවා යෙහෙළි මා යෙහෙළි මා
[chorus]
හිතුවක්කාර අවිහිංසකාවී
ඉරි තැලුනු දෑසින් මදෙස බලාවී
සිනාවී ඉඩෝරය ඈතට පාවී
වැහිවලාවන් ඇයට අතවනාවී
නිර්දෝශී වැරදිකාරී මා
යෙහෙළි පඹ ගාලක පැටලිලා ඉන්න
ඇයව ගිනි සෑයක ඇවිලිලා
ගියා දැන් ඕන සුරයහනක සැතපිලා ඉන්නයි
[verse 2]
ඈට වුන දේ බෑ ඈටත් හිතාගන්න
ඇත්ත කතාව වෙනව වැරදි කාටත්
ඈ දැන් හරි පාරක් ගාව නැවතිලා නම්
ඇයි මේ සමාජෙට ඇය වැරදි තාමත්
ඈ හදන්නෙ දිය වලෙන් ඈතට පිහිනාගන්නයි
ඇයව වෙලා ගත්ත දැල ඉරාගන්නයි
රහස විශ්වාසයි ඇයගෙ දෑස කියාපන්න
දැන් ඇගේ වටිනාකමට නැත ඉලක්කම්
ඇත පිපාසයක් දැන් ඇයට ජීවත් වන්න
සොයයි නිදහසක් බිද හැර සීමාවන්
සමනැළි පියාඹයි ඇගෙ ළැම සිසාරා මදනළි කුණාටුවකට හැර විලා හමයි
හැම දිනාක්ම දැක්කෙ මැළවිලායි
වත දැන් නැගෙයි පීඩාවට පත් මූනේ ඇත හිනාවක්
අන්ධකාරේ අතරින් එයි ඇරුණැල්ලකිනාවක්
අවසානේ දකින්නයි හදන්නෙ රැය නිමාවක්
[pre~chorus]
සිනාහා ඈ වෑයම් දරයි සගවලා තබන්න වේදනා
දාහක් හීන දරා යෙහෙළි මා පාමින් සිනා
ඈ වෑයම් දරයි හදවතේ සගවලා තබන්න වේදනා
හීන මාලිගාවන් මවා යෙහෙළි මා යෙහෙළි මා
Lirik lagu lainnya:
- lirik lagu basilchord - hex
- lirik lagu maeve noiré - paper cut promises
- lirik lagu emi acidic - u broke me
- lirik lagu tohearttwo - december
- lirik lagu airie - 6.12inches
- lirik lagu almas (mex) - hot cherry bomb
- lirik lagu los pleneros de la cresta - todito el año
- lirik lagu hushmoney (rock) - sedona
- lirik lagu l2a - rapstar
- lirik lagu mewee - shift (j'accélère)