lirik lagu smokio - 111 freestyle
[verse]
එළියට! එළියට!
මම දැක්ක ගොඩක් හීන ඇත්ත වුණා, එක පේළියට!
අත්දැකීම්ය “දිසාපාමොක්” හරි මාර්ගය කියන
එකෙන් පටන් අරන්, සමත් වුණා හැම ශ්‍රේණියම
උඩින් පල්ලෙන් ගහලා දැම්මේ නෑ මං, ලේසියට
හබල් ගෑවා අතින් ” දහඩිය, කඳුළු, ලේ ” විලක
ඒ වුණත්, හීනෙන් වත් නෑ හති වැටුණේ හිතට
ඒකයි පේළි පිටින් එන්නේ, ගන්න ලියන දේ මිලට
පවුල වෙනුවෙනුයි කරන්නේ මං මේ සෙල්ලම
මං නැතත්, නම තියෙයි අමතක නොවෙන්නම!
label වැදුණ කොල්ලන්ට, කටහඬක් වෙන්නම් මං
ඒ වෙනුවෙන් මැරෙන්න වුණොත්, පණ වුණත් දෙන්නම් මං!
සමහර අත්දැකීම් දැනුණා රිදෙන්නම
තැලුනා, පොඩිවුනා, හිත මිදෙන්නම
වැරදුන තැන්මයි පාඩම් දුන්නේ, පොත් පිරෙන්නම
ආදරෙන් මතක් කරන්න ඕනේ, හැම කෙල්ලම
හැමදේම පටලගත්ත කාලෙකුත් තිබ්බා
නින්දා, අපහාස නම් අපමණ වින්දා
දැන් අභිමානෙන් ඔළුව උස්සන් ඉන්න හින්දා
එදා බැන්න උන් ම අද පතුල් ඉඳන් ඉම්බා!
දුන්නත් සමාව තාමත් මතකයි සතාව
smoka තාම එහෙමයි වෙනස් කළේ නෑ රටාව!
හැමෝටම දාන්න බෑ වදන්, මම දාන
හැමෝටම නෑ මේ වගේ චරිතාපදාන!
මේ අධි මාත්‍රාවක්, මගේ හරි ප්‍රාර්ථනාවන්
තව ගොඩක් දුර ගෙනියාවී අනිවාර්යයි මාව
කන්ද මුදුනටම නගින්නයි ආසාව!
බලාපොරොත්තුවක් නෑ බහින්න ආයිත් කවදාවත්!
හොයනවා මම තාමත්, මගේ හරි ධාරිතාව
උපතින්මයි ආවේ, පද බඳිනා විද්‍යාව
දන්නවා මම, පෙන්වන පාර හරි, “මාලිමාව”
අල්ලන්නයි ආසාව තනි අතින්, “ආසියාව”
ඒ උනත් එකක් නෙමේ මම නොවෙයි මං දකිනා සීමාව!
මං පිස්සුවක්! වෙන මන්දාකිණියකින් ආව
මං නිරුවත් කළා වදන් ලියන ක්‍රීඩාව
මං ආව දා, කාගේත් පුරසාරම් දුටුවා නිමාව. smoka!
සාතන් මෙන් ගති ඇති නොහොබිනා
බිඳෙන්නේ නැති ආත්ම විශ්වාසයකින් හා
ගුණාංග වලින් යුතු වූ, “මායිම් බිඳිනා”
උපමා කළ හැකියි සුනාමියකින් පවා
“බිහිසුණු කුණාටුවක්” සුන් කරන සතුරාව
කල විලසින් ලාංකීය හමුදාව
ඒ “ලංකාභිමානය” ලේ වල දුවන කාවවත්ම, හොයාගන්න බැරි නම්
ඇවිත් අඳුරගනින් මාව!
මං තෝරාගත් එකෙක්, කෝටි ගානක් අතුරින්
සැප වින්ද තරමට, දික් වුණා කරුමෙත්
නින්දට වෙනසක් නෑ, මාලිගාවෙත් මඩුවෙත්!
මේ මුවහත නෑ ” katana ” කඩුවෙත්!
පුරුදු හින්දයි ඇස් වහන් යන්නේ අතුරෙත්!
ඉව නිසයි වළේ නොවැටෙන්නේ ඝන අඳුරෙත්!
හිතන්න වත් එපා කරගන්න හතුරෙක්!
මට හිතුනොතින් ඇවිදිනවා මං වතුරෙත්!
විශේෂයෙන්ම ආව ළමයි අළුතෙන්
පොත ගැන සරලව හිතාගන්න පටුනෙන්
එක වගේ දහස් ගාණක් විසිවෙද්දී පඳුරෙන්
මං වගේ එකා යි, දෙන්නා යි ඉන්නේ හිරු සඳු මෙන්
මස් කන්න ආසයි, රස දන්නා නිසා කටුවේ
තිරිසන් ගතිත් නැතුවාම නොවෙයි පපුවේ
උඩට ආවේ ඉපදිලායි මං පතුලේ
හොද විදිහටයි මට පල දෙන්නේ කරුමේ
ඇතිවීමයි, නැතිවීමයි දැක්ක අපි තරුවේ
හැසිරෙන්න එපා අපේ ඉස්සරහ නම්, “තරු” මෙන්!
කලාව නම් වූ අහසේ, ගොඩක් දෙනෙක් තරු වෙයි
මන් මැරුණ දවසට, නිල අහස කළු වෙයි
තක්සේරු කිරීම සුදුසු නෑ අඩුවෙන්
එකයි මට මාව විශවාස “මාරු” මෙන් !
ආලෝකේ තරම දැක්කේ මම අදුරෙන්
ඒ නිසයි පිට පනින්නැත්තේ මං, තනුවෙන්
“පණ තියෙන අරුමේ” වදන් මරන්නේ, අමුවෙන්!
ලියවෙන දේවල් ඉඩ දෙන්නැහැ ලකුණු අඩු වෙන්න
මේකෙන් පස්සේ පුළුවන්, ගැටළුකාරී තත්ව මතු වෙන්න
ඒකමයි මටත් ඕනේ! “මුණක් දෙකක් රතු වෙන්න”
ආදරෙයි, වදන් සෙල්ලමට හද පතුලෙන්ම!
පතුල් දෙක ගෙවිලා, පහු කරලා කදු හෙල් ම
සෙල්ලම මගේ, මං ආස නෑ මේකේ බදු දෙන්න !
පවරන්නම් දිනක, මා වන්ම වදන් මරුවෙක්ට!
“විශ්වීය දරුවෙක්ට, නියම සටන් කරුවෙක්ට” මිසක්
මෙය උරුම නෑ “පෘතග්ජන පණුවෙක්ට ”
ඇත් පැටව් හිටියත් දැන්, දළ ඇවිත් අළුතෙන්ම
සද්ධන්තයි smoka ! “කුලෙන්” නෙමෙයි “අරුතෙන්ම”
පිරමීඩයේ මුදුනට එනගමන් ඉන්නේ මග
දැන් ළග
“පිටාර ගලනවා වගේ නයිල් ගග” (rah)
පෘථුවියට දිස් වුනත් “හද”
බිම ඉදන්, ප්‍රමාණය මනින්න පුලුවන්ද?
ඒ නිසා “සිහියෙන්” පිරික්සා බලන්න!
අගුලු නෑ දොරවල් නෑ දේවල් නෑ වහන්න !
දේවල් නෑ හංගන්න! “බැරි” නම් පිළිගන්න
“ඇත්ත ~ නැත්ත ” මාව දන්නා කෙනෙක්ගෙන් අහන්න!
ඕනේ නෑ මගේ නමින්, තවත් නඩු අංක
පරණ කතා වලින් එකයි හීතුණේ සමුගන්න
කෙල්ලොයි, මත්ද්‍රව්‍යයි ඕනේ නෑ දැන් සල්ලි වපුරන්න
“සෙල්ලමෙන්” මයි සපුරන්නේ, හැම අඩුවක්ම
තිබ්බත් දැන් සබදතාවන් කරවන්න “අතුරුදන්”
යථාර්තය තේරුම් අරන් ඉන්නේ, “තටු හකුළුවන්”
කැමති නෑ උදම් අනන්න මං, ගැනම “මං”
එත් මං කළුයි, සුදු පාටයි අනිත් “බැටළුවන්”
පිළිතුරයි ඕනේ, එපා ගේන්න ගැටළු නම්!
නොගැලපෙන උන් නෑ ගණන් ගන්නේ පැටළුණත්
පොඩි පොඩි සත්තු මොන තරම් දැගලුවත්
“මකුළු දැලකින් ” උන්ට වෙයිද ගැලවුමක්?
දෙවුර මත මැවුණා “මනෝභාව ද්විත්වය”
සොයයි එකිනෙකා තුලින්, ප්‍රතිබිම්භයක්
ශ්වේත වර්ණාලෝක පිරි නිම්නය, කෙලවර
ඇත්තේ “අන්ධකාරයේ ගින්න” ය
නතු මං, පැණ වූ නීතීන්ට පමණයි, “ව්ශ්වය” විසින්
ඒ නිසයි හැසිරෙන්නේ, පවත්වාගෙන “රිද්මය”
ඇතුලාන්තය දකිමි යොදාගනිමින් “ප්‍රිස්මය”
ඉතින් විස්මයක්ද, වැඩිවීම දිස්නය?
අදුරුයි අතීතය, ඔව් ! නමුත්, මම එහි “වහලෙක්” නොවී
වර්ණගන්වා ගත්තා චිත්‍රය !
කර්මයට පමණයි කළ හැකි විනිශ්වය !
මේ අංක ත්‍රිත්වය
කලුණික
[outro]
අදුරත් ආලෝකයත් අතර ඇති රික්තය
hey
හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඕනේ
Lirik lagu lainnya:
- lirik lagu drex carter - let me go
- lirik lagu smilley - shin ei
- lirik lagu leonardo de andreis - soltero
- lirik lagu mother superia - phuck dkny
- lirik lagu pelados - planeta oxxo
- lirik lagu aoa (uk) - o.s.a. (official secrets act)
- lirik lagu mason reed - autopilot
- lirik lagu yousane - can't relate
- lirik lagu satuko - bitch i wanna kms xd
- lirik lagu fardi - грустный день (sad day)