lirik lagu rookantha goonatillake - sanda thurulata
සඳ තුරුලට රෑ ජාමෙට
වලාගැබක් යන විලසට
ඔබ තුරුලේ සැඟවිලා
ඔබෙ සිහිනේ ගැවසිලා
සිත සනසන සුවය ගෙනෙමි මං
ගත නලවන සුවය සදමි මං
හෙට දින යලි හමුවූ විට
ඔබ හිනැහී තෙපලනු මට
අමා සුවය ඔබ ගෙනෙන්
හිතේ සතුට ඔබ සදන්
අදත් හෙටත් මම ඔබෙයි කියා
මමත් ඔබට ආදරෙයි නගා
ඔබෙ විලවුන් සුවඳ කාඹරේ පුරා විසිරිලා
ඔබෙ කටහඬ තාම ඇහෙනවා සවන් පුරා
ජීවිතේට කිසිමදාක
වෙන් නොවන්න ලඟින් ඉන්න
ඔබට සදා සුවය ගේනවා
දිවි ඇති තුරු ලඟින් ඉන්නවා
සඳ තුරුලට රෑ ජාමෙට
වලාගැබක් යන විලසට
ඔබ තුරුලේ සැඟවිලා
ඔබෙ සිහිනේ ගැවසිලා
සිත සනසන සුවය ගෙනෙමි මං
ගත නලවන සුවය සදමි මං
දුටුව පලමුදා පටන්
ඔයා සිත අරන් ගිහින්
සිහින මාලිගා සදන්
ඉන්නෙ ඇයිද ඔයා තව ඉතින්
සඳ තුරුලට රෑ ජාමෙට
වලාගැබක් යන විලසට
ඔබ තුරුලේ සැඟවිලා
ඔබෙ සිහිනේ ගැවසිලා
සිත සනසන සුවය ගෙනෙමි මං
ගත නලවන සුවය සදමි මං
හෙට දින යලි හමුවූ විට
ඔබ හිනැහී තෙපලනු මට
අමා සුවය ඔබ ගෙනෙන්
හිතේ සතුට ඔබ සදන්
අදත් හෙටත් මම ඔබෙයි කියා
මමත් ඔබට ආදරෙයි නගා
දිවිඇති තුරු සුවය දමි මං
සිත සනසන සුවය ගෙනෙමි මං
ගත නලවන සුවය සදමි මං
ඔබ තුරුලේ සැඟවෙන්නෙමි මං
ඔබ නැති ලොව මට කුමටද පමදා
ඔබ එනතුරු මග බලනෙමි සැමදා
වේදනා නොදීලා
එන්න මා සොයාලා
දිවිඇති තුරු සුවය දමි මං
සිත සනසන සුවය ගෙනෙමි මං
ඔබ එනතුරු බලා හිඳිමි මං
ඔබට සදා සුවය ගෙනෙමි මං
Lirik lagu lainnya:
- lirik lagu isasha - we got love
- lirik lagu mercedes band - חברים מהקיבוץ
- lirik lagu vico ferrer - carta urgente
- lirik lagu kip moore - it ain't california
- lirik lagu senthil ganesh feat. v.m. mahalingam & sathya narayanan - onnuku renda
- lirik lagu lil shyne - iamcrying
- lirik lagu nost - kid brown
- lirik lagu saliva - 1000 eyes
- lirik lagu bonfire - praying 4 a miracle
- lirik lagu grateful dead - equinox